
අධිකරණයට භාර වුණ පොලිස් ස්ථානාධිපතිට ඇප
අද (04) උදෑසන මාතර මහෙස්ත්රාත් අධිකරණයට භාරවූ වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාව ඇප මත මුදාහැර තිබෙනවා.
රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප 2ක් මත ඔහු මුදාහැරීමටයි එහිදී නියෝග කර ඇත්තේ.
වැලිගම පැලෑන ප්රදේශයේ හෝටලයක සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා මෙලෙස අධිකරණයට භාර වී තිබුණා.
සැකකාර වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ විදෙස් ගමන් තහනම් කර තිබෙනවා.
හෙට (05) දිනයේදී ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමටයි නියෝග කර ඇත්තේ.