
අධිබල යතුරු පැදි 13 සහ සැකකරුවන් අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට (VIDEO)
හම්බන්තොට කුරුළු උයන පරිශ්‍රයේ ගොඩනැගිල්ලක තිබී පොලිස් භාරයට ගත් අධිබල යතුරු පැදි 13 සහ සැකකරුවන් අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ රේගු පනත උල්ලංඝනය කිරීම, දූෂණ විරෝධී පනත යටතේ වැරදි ඇතුලු චෝදනා ගණනාවක් යටතේ මෙම යතුරු පැදි මෙරටට ගෙන්වූ බව කියන ව්‍යාපාරිකයාද අත්අඩංගුවට ගැනීමට විමර්ශන අරඹා ඇති බවයි.
රුපියල් කෝටි 22කට වැඩි වටිනාකමකින් යුතු අධිබල එංජින් සහිත යතුරුපැදි 08 ඇතුළු යතුරුපැදි 13ක් ඊයේ කොළඹින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිය භාරයට ගත්තේ හම්බන්තොට කුරුළු උයන පරිශ්‍රයේ ගබඩාවක තිබියදීයි.
යතුරුපැදි සමඟ එම ස්ථානයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබුවා.
පොලිසිය සැකකරන්නේ මෙරටට ගෙන්වීම තහනම් කර ඇති අධිබල යතුරු පැදි රේගු නිලධාරීන්ගේ ද සහය ඇතිව රට තුළට ගෙන එන්නට ඇති බවටයි.
වැටලීම සිදුකළ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතා ප්‍රකාශ කළේ ඒ පිළිබඳව ද විමර්ශන ක්‍රියාත්මක බවයි.
අදාළ යතුරුපැදිවල සහ අදාළ කුරුළු උයනේ හිමිකරු බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනිීමට මේ වන විට පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළා.