
අධිවේගයේ ගාස්තු අය කිරීම ඇරභෙයි
අධිවේගී මාර්ගවල යළි සාමාන්‍ය පරිදි ගාස්තු අය කිරීම ආරම්භ කර තිබෙනවා.
මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ ආපදා තත්වය පහව යාමත් සමග එම තීරණය ගත් බවයි.
අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා නඩත්තු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර් ඒ ඩී කහටපිටිය මේ බව තහවුරු කරනවා.
පැවති ආපදා තත්ත්වයත් සමඟින් රථ වාහන වලට ගාස්තු අය කිරීමකින් තොරව අධිවේගී මාර්ග වල ගමන් කිරීමට අවස්ථාව ලබාදුන් බවත් ඒ මහතා පවසනවා.
