
අනතුරින් දිවි අහිමිවූවන්ට අවසන් ගෞරව දැක්වීමට අගමැතිතුමිය තංගල්ලට….
ඇල්ල ප්‍රදේශයේ පසුගිය බ්‍රහස්පතින්දා (04) රාත්‍රියේ සිදුවූ බස් රථ අනතුරින් දිවි අහිමිවූවන්ගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් මේ වනවිට තංගල්ල නගර ශාලාවේ තැන්පත් කර තිබෙනවා.
මහා සංඝරත්නය, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ඇතුළු විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව සිටින්නේ අවසන් ගෞරව දැක්වීම සදහායි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියද අද එහි ගොස් මියගිය පිරිසට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා.