
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල වෙළෙඳ ඇමති මුණගැසේ
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය වෙළෙඳ අමාත්‍යවරයා හමු වෙයි.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු එහි සාමජිකයින් පිරිසක් ෛඊයේ (03) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමඟින් සාකච්ඡාවකට එක් වුණා.
වෙළෙඳ අමාත්‍යාශයේදී පැවති මෙම සාකච්ඡාවේදී, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් යෝජනා සහ ඉල්ලීම් රැසක් ඉදිරිපත් කර තිබෙනවා.
ඉදිරි අයවැය තුළින් මහපොළ ශිෂ්‍යාධාර මුදල වැඩි කිරීමට අදාළව සහ එම ශිෂ්‍යාධාර ලබාදීමේ දී ඇති වී තිබෙන ගැටළු තත්ත්වයන් පිළිබඳව ද ඔවුන් සිය අදහස් ප්‍රකාශ කර තිබෙනවා.
මීට අමතරව විශ්ව විද්‍යාල තුළ අධ්‍යාපනය ලබන විශේෂ අවශ්‍යතා සහිත ශිෂ්‍යයින් පිළිබඳව දක්වා ඇති අවධානය වැඩි කිරීම, විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ ක්‍රීඩා පහසුකම් තව දුරටත් දියුණු කිරීම මෙන්ම ශිෂ්‍යයින්ගේ නේවාසික පහසුකම් පුළුල් කිරීම වැනි විවිධ ගැටලු මෙහිදී අවධානයට ලක් කළ කරුණුයි.
අරමුදලේ විෂයභාර අමාත්‍යවරයා ලෙස වසන්ත සමරසිංහ මහතා ඒ අනුව විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය ලබන සිසුන් වෙනුවෙන් මහපොළ සිසුන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ඊට අදාළ නිසි මැදිහත් වීම සිදු කිරීමට පොරොන්දු වී තිබෙනවා.
ඔහු පොරොන්දු වී ඇත්තේ ඉදිරි අයවැය තුළින් මහපොළ ශිෂ්‍යාධාර මුදල වැඩිකිරීමට ඇති හැකියාවන් පිළිබඳව ද සොයා බලන බවටයි.
මෙම සාකච්ඡාව සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සසිඳු පෙරේරා ඇතුළු එහි සාමාජිකයින්, මහපොළ භාරකාර අරමුදලේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සහ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී එක්ව සිටිය.
