
අනුනායක නාහිමිපානණ් වහන්සෙගේ අපවත්වීම පිළිබඳව ස්විස්ටර්ලන්තයේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ සංවේගය
අපවත්වී වදාළ අති පුජනීය ආනමඩුවේ ධම්මදස්සී අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනපේක්ෂිත අභාවය පිළිබඳව ස්විස්ටර්ලන්තයේ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ බලවත් සංවේගය තිබෙනවා.
එහි සඳහන් වෙන්නේ සම්බුද්ධ ශාසනයටත් අස්ගිරි මහා විහාර පාර්ශ්වයටත්, අති පුජනීය ආනමඩුවේ ධම්මදස්සී අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් සිදුවූ බවයි.
ශ්‍රී ලංකාවේ භික්ෂු අධ්‍යාපනය ඇතුලු සමස්ත අධ්‍යාපන ක්ෂේත්රයටත් අමතක කළ නොහැකි උදාර සේවාවක් ආනමඩුවේ ධම්මදස්සී අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදුකළ බව ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය තවලම ධම්මික නාහිමියන් පෙන්වා දෙනවා.