
අනුරාධපුරයේ දී පුද්ගලයකුට වෙඩි
අනුරාධපුර ගල්කුලම ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා 29 හැවිරිදි එක්දරු පියෙක්.
අනුරාධපුර, ගල්කුලම ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි 9.30ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
වෙඩි ප්‍රහාරය එල්ල වූ අදාළ පුද්ගලයා මීටර් 500ක් පමණ දිවගොස් ආසන්නයේ පිහිටි ගල්කුලම ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට ඇද වැටී තිබෙනවා.
පසුව අසල සිටි පිරිස් ඔහුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබුණා.
වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරුවන් වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා පැමිණි යතුරුපැදිය ද රැගෙන පලාගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ මිහින්තලය, සියඹලාගස්වැව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි එක් දරු පියෙක්.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැති අතර, වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයාට මීට පෙර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල ඇති බවද වාර්තා වනවා.
ඒ අනුව මේ වසරේ මේ දක්වා වෙඩි තැබීම් 59ක් සිදුව ඇති අතර, ඉන් සිදුවූ මරණ සංඛ්‍යාව 31ක්.