අඳුරු වුණු කියුබාව

අඳුරු වුණු කියුබාව

කියුබාවේ ප්‍රධාන බලශක්ති බලාගාරයේ සිදුවූ දෝෂයක් හේතුවෙන් රටපුරා විදුලිය ඇනහිට තිබෙනවා.

විදුලිබල පද්ධතිය යළි යථා තත්ත්වයට පත්කිරීමට කොපමණ කාලයක් ගතවේදැයි නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බවයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

මෙවන් පසුබිමක එරට ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින අතර ප්‍රාදේශීය විදුලි බලාගාර හරහා ලබාදෙන විදුලිය ද මේ වන විට ප්‍රමාණවත් නොවන හෙයින් අත්‍යවශ්‍ය සේවාවලට හැර අනෙක් සේවා සඳහා විදුලිය කපා හැරීමටයි එරට බලධාරීන් පියවරගෙන ඇත්තේ.

එමෙන්ම රාත්‍රී කාලයේත් විදුලිය නොමැති හෙයින් එළිමහනේ සිදුවන අපරාධවල වැඩිවීමක් සිදුවන බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

Share This