අපචාර තිපොළක් වූ පිලියන්දල ශාක්‍ය ජනපදය

අපචාර තිපොළක් වූ පිලියන්දල ශාක්‍ය ජනපදය

මහජන මුදල් අපතේ යවමින් ඉදිකිරීම් අතරමග නැවතුණු රාජ්‍ය ව්‍යාපෘතින් පිලිබදව ලයිව් ඇට් ශ්‍රී ලංකා අප ඔබට නිරන්තරයෙන් හෙලි කර තිබෙනවා.

අතීත ඉන්දියාවේ ශාක්‍ය ජනපදය මෙරට ප්‍රතිනිර්මානය කිරීමේ අරමුනින් ඉදිවුනු පිලියන්දල ශාක්‍ය ජනපදයේ ඉදිකිරීම් කටයුතු අතරමග ඇණහිටීම නිසා අද වනවිට විවිධ සමාජ විරෝධී ක්‍රියාවන්ගේ යෙදෙන පුද්ගලයන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවට ප්‍රදේශවාසින් චෝදනා කරනවා .

බුදුන් වහන්සේ විසූ ශාක්‍ය ජනපදය මෙරට ප්‍රතිනිර්මාණය කිරීමේ අරමුණින් පිලියන්දල රෙජිඩේල් වතුයායේ ඒ සදහා මුල් ගල් තැබුණේ 2017 වසරේදියි.

ධානපතියෙකු විසින් බෞද්ධාගමික කටයුතු සදහා යෙදවීමේ අරමුණින් මහා භාරකාර දෙපාර්තමේන්තුවට පවරන ලද අක්කර 78ක භූමියේ අක්කර 20ක මෙම ශාක්‍ය ජනපදය ඉදිකිරිමට නියමිතව තිබුනා.

2020 මාර්තු මාසයේ දී අවසන් කිරීමට නියමිතව තිබූ මෙම ව්‍යාපෘතිය අතරමග නවතින්නේ ඒ සදහා යෙදවු රු.කෝටි 50 කට ආසන්න ප්‍රතිපාදන ද අපතේ යවමින්.

කාලෙන් කාලෙට පත්වුණු ආණ්ඩු වල මැති ඇමැතිවරුන් පැමිණ මෙහි තත්ත්වය බලා ගියත් තවමත් මේ සදහා ඉදිරි පියවරක් ගෙන ඇති බවක් නම් පෙනෙන්නට නැහැ.

අද නටබුන්ව පවතින අතීත දඹදිව ශාක්‍ය ජනපදයේ ආකෘතියක් අපේ රටේ බොදු ජනයාටත් දැකබලා ගැනීමේ අපේක්ෂාවෙන් එදා මහත් උත්වශ්‍රීයෙන් ඉදිකිරීම් ආරම්භ කළ භූමිය අද වල් බිහිවී විවිධ අපචාර කරන පුද්ගලයන්ගේ තිප්පලක් බවට පත්ව ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඒ පිළිබද සොයා බැලීමට ගිය අප ලයිව් ඇට් ශ්‍රි ලංකා මාධ්‍යවේදීයාට එම ස්ථානයේ පුද්ගලයන් කිහිපදෙනෙකු පැමිණ බාධා කිරීමට කටයුතු කළා.

Share This