
අපරීක්ෂාකාරීව ඉස්සර කිරීමට යාමේදී ත්‍රීරෝද රථයක් පැදවූ අයෙක් ලොරියක ගැටී මරුට
අකුරැස්ස දෙනියාය ප්‍රධාන මාර්ගයේ ගල්දොල මංසන්ධියට ආසන්නයේදී පෙරේදා (21) සවස ලොරි රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් ත්‍රීරෝද රථයේ රියදුරු මිය ගොස් තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ කොටපොල,දෙනියාය පාර,හිගුරුපනාගල පදිංචි 47 හැවිරිදි කංකානම් විතාරණගේ නලින් නැමැති විශ්‍රාමික යුද හමුදා සෙබලෙක්.
මියගිය පුද්ගලයා යුද හමුදාවේ වසර 26 ක සේවය අවසන් කර ඉකුත් වර්ෂයේ විශ්‍රාම ගොස් ඇති අතර මිය යන විට ඔහු සිව්දරු පියෙකු නව පොලීසිය පැවසුවා.
පොලීසිය පවසන්නේ අදාල ලොරි රථය දෙනියාය ප්‍රදේශයේ පුද්ගලික සමාගමකට අයත් වෙළද සැලකට අහාර ද්‍රව්‍ය තොගයක් රැගෙන විත් නැවැත යමින් සිටින අවස්ථාවේ මොරවක ප්‍රදේශයේ සිට කොටපොල දෙසට ගමන් ගනිමින් තිබූ ත්‍රීරෝද රථයේ මුහුණට මුහුණ ගැටී ඇති බවයි.
ලොරි රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වාරියපොල,මිනුවන්ගැටේ ප්‍රදේශයේ පදිංචි 32 අයෙකු බව පොලීසිය සඳහන් කළා.
ත්‍රීරෝද රථය බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයේ ගැටී තිබෙනවා.
