අප්‍රිකානු රටවලින් පිටත රටවල Monkeypox රෝගීන් 780 ක් දක්වා ඉහළට
Monkeypox වෛරසය මධ්‍යම සහ බටහිර අප්‍රිකාවෙන් පිටත රටවල පැතිර යාමෙන් රෝගීන් 780 ක් තහවුරු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මේ වනවිට රටවල් 27කින් රෝගීන් හඳුනාගෙන ඇති බවයි
මෙම නව රෝගීන් බොහොමයක් යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ මෙන්ම මෙක්සිකෝව, ආර්ජන්ටිනාව, මොරොක්කෝව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වාර්තා වී තිබෙනවා
එක්සත් රාජධානියේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් සිටින අතර එය 207 ක් බවයි පැවසෙන්නේ
ස්පාඤ්ඤයේ 156 ක් සහ පෘතුගාලයේ 138 ක් රෝගීන් දැනට වාර්තා වී තිබෙනවා