අප්‍රිකාවේ ප්‍රධාන භෝගයකට දේශගුණික විපර්යාස නිසා තර්ජන

අප්‍රිකාවේ ප්‍රධාන භෝගයකට දේශගුණික විපර්යාස නිසා තර්ජන

තන්තු සහ ඛනිජ වලින් පිරුණු බෝගයක් වන බෝංචි මිලියන සංඛ්‍යාත අප්‍රිකානුවන්ට ප්‍රෝටීන් ප්‍රභවයක් වන අතර ගොවීන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වනවා.

නමුත් දේශගුණික විපර්යාස නිසා මෙම ප්‍රධාන ආහාර භෝගය තර්ජනයට ලක්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2016 නිකුත් කර ඇති අධ්‍යයනයකට අනුව, අප්‍රිකාවේ සහරා කාන්තාරය ආසන්නයේ ඇති ප්‍රදේශවල බෝංචි වගා කරන ප්‍රදේශවලින් 60% ක් පමණ මෙම සියවසේ අවසානය වන විට වගා කටයුතු සඳහා සුදුසු නොවන බව සඳහන් කර තිබෙනවා.

මෙම අත්‍යාවශ්‍ය බෝගයේ අනාගත නිෂ්පාදනය උපරිම කිරීම සඳහා Pan-African Bean Research (PABRA) මගින් අප්‍රිකාව පුරා නව බෝංචි ප්‍රභේද 650කට අධික ප්‍රමාණයක් පර්යේෂණ, සංවර්ධනය සහ බෙදා හැරීමට පහසුකම් සලසා තිබෙනවා.

Share This