අපේ ප්‍රතිපත්තිය පළමුවත් දෙවනුවත් තෙවනුවත් රට රැක ගැනීමයි – හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා-

අපේ ප්‍රතිපත්තිය පළමුවත් දෙවනුවත් තෙවනුවත් රට රැක ගැනීමයි – හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා-

ඡන්ද ප්‍රමාණය කෙසේ වෙතත් මේ මොහොත වන විට වත්මන් ජනාධිපතිවරයාට ඇති එකම විකල්පය සමගි ජන බලවේගය බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

එමෙන්ම සෙසු කොටස් සීසීකඩ විසිවී ඇති බවද මේ අමාරු අවස්ථාවේ වුවත් සියලු දෙනා එකට එකතු විය යුතු බවත් කවුරු අසුබවාදී අදහස් ඉදිරිපත් කළද සුබවාදීව බැලිය යුතු බවයි හිටපු විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ.

ජනාධිපතිවරණය පරාජයට පත් වුවත් පසුබැමට ලක් වුවත් ඒ හරහා පාඩම් ඉගෙන ගෙන ඉදිරියට යා යුතු බවත් තමා ඉන්දීය විදේශ ඇමතිවරයා මුණ ගැසුනු අවස්ථාවේ ජනාධිපතිවරණයේ දී ජය පරාජයවුවත් සියලු දෙනාගේ අරමුණ රට දිනවිම නිසා අප රටට උදව් කරන ලෙස ඉල්ලා සිටි බව හිටපු විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම  සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියේ තරුණයින්ට දරුවන්ට සහ කාන්තාවන්ට, ජ්‍යේෂ්ඨ පුරවැසි ආදි සියලු දෙනා රකින තැනට යා යුතු බව මෙන්ම සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය පළමුවත් දෙවනුවත් තෙවනුවත් රට රැක ගැනිම හා ආරක්ෂා කර ගැනීම බවයි.

හිටපු විපක්ෂ නායකවරයා මේ බව සඳහන කර සිටියේ අද (06) කඩුවෙල ප්‍රදේශයේ සමගි ජන බලවේග පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකදී.

Share This