අබිරහස් ලෙස අතුරුදන් වූ පුද්ගලයකුගේ මළ සිරුර ඔහුගේ නිවස පිටුපසින් මතුවේ

අබිරහස් ලෙස අතුරුදන් වූ පුද්ගලයකුගේ මළ සිරුර ඔහුගේ නිවස පිටුපසින් මතුවේ

මේ අතර මීට මාස දෙකකට පෙර අතුරුදන් වූ වලස්මුල්ල වරාපිටිය, හල්දොලකන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ සිරුර ඔහුගේ නිවස පිටුපස වළ දමා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මොහු ඝාතනය කර මෙලෙස වළ දමා ඇති බවට පොලිසිය සැක කරන අතර, සිද්ධියට අදාළව මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ එම ප්‍රදේශයේ පදිංචි වෙනත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පුද්ගලයා අතුරුදන් බවට ඔහුගේ ඥාතීන් වලස්මුල්ල පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබූ අතර විමර්ශනවලදී ඇති වූ සැකයක් මත මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වලස්මුල්ල මහේස්ත්‍රාත් අදාළ සිරුර වල දමා තිබූ ස්ථානයට පැමිණ අද මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළා.

Share This