
අබුඩාබි T20 asia cup කුසලානයේ ඊයේ තරගය අතර දුනිත් ගේ පියා මියයි – දුනිත් හදිසියේ ලංකාවට (VIDEO)
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ පියා වන සුරංග වෙල්ලාලගේ ඊයේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.
එනම් දුනිත් අබුඩාබියේ පැවති ආසියානු කුසලාන B කාණ්ඩයේ තරඟයට ක්‍රීඩා කරමින් සිටි ඊයේ රාත්‍රියේයි.
22 හැවිරිදි වෙල්ලාලගේ තම පියාගේ මරණය ගැන දැනගත්තේ තරගයෙදෙමින් සිටින අතරතුරයි.
මෙම තරඟය ශ්‍රී ලංකාව තරඟාවලියේ සුපිරි හතර වටයට සුදුසුකම් ලැබීමට සුදුසුකම් හිමිකරමින් කඩුලු හයකින් සහ පන්දු අටකින් තරගය ජයග්‍රහණය කළා.
තරගය අවසන් වූ වහාම වෙල්ලාලගේ ශ්‍රී ලංකාව බලා පැමිණීමට පිටත්ව තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ මෙම වියෝව නිසා වෙල්ලාලගේ ආසියානු කුසලානයට තවදුරටත් සම්බන්ධවීම පිළිබඳව සැක මතු කරන බවයි.
අබුඩාබි හිදී ශ්‍රී ලංකාවට අවම වශයෙන් තවත් තරඟ තුනක්වත් ක්‍රීඩා කිරීමට ඇති අතර හෙට(20) බංග්ලාදේශයට එරෙහිවත්, සැප්තැම්බර් 23 වන දින පාකිස්තානයට එරෙහිව සහ සැප්තැම්බර් 26 වන දින ඉන්දියාවට එරෙහිවත් ත්‍රග වැදීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතරී ඊයේ පැවති ආසියානු කුසලාන තරඟය වෙල්ලාලගේ ක්‍රීඩා කළ තරගා වලියේ පස්වන T20 තරඟය වන අතර මෙය තරඟාවලියේ ඔහු සහභාගී වූ පළමු තරඟය වුණා.
ඊයේ ඇෆ්ගනිස්ථානයට එරෙහිව දුනිත් වෙල්ලාලගේ යැවූ අවසන් පන්දුවාරයේ දී 6 පහර 5 ක් එල්ල කිරීම කැපී පෙනුණා.