අබුඩාබි හි කෝවිලක් විවෘත කිරීමට යන ඉන්දීය අගමැති

අබුඩාබි හි කෝවිලක් විවෘත කිරීමට යන ඉන්දීය අගමැති

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් දෙදින සංචාරයක් අතරතුර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) මහා හින්දු කෝවිලක් විවෘත කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අබුඩාබි හි BAPS හින්දු මන්දිරය අක්කර 27 ක පමණ භූමි ප්‍රදේශයක ඉදිකර ඇති බව සඳහන්.

මෝදි 2018දී සිදුකළ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරයේදී ඉන්දියාව මෙම මන්දිරයේ ඉදිකිරීම් පිළිබඳව ප්‍රකාශ කර තිබුණා.

විශ්ලේෂකයින් පවසන්නේ දෙමසකින් පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පෙර මෙම මන්දිරය රජයේ හින්දු ජාතිකවාදී න්‍යාය පත්‍රය ඉහළ නංවනු ඇති බවයි.

මෙම විවෘත කිරීම සිදුවන්නේ උතුරු ඉන්දියාවේ අයෝධ්‍යාවේ හින්දු දෙවියන් වන රාම් සඳහා මහා විහාරයක් විවෘත කිරීමෙන් සති කිහිපයකට පසුවයි.

අබුඩාබි හි විහාරස්ථානය පවත්වාගෙන යනු ලබන්නේ BAPS ස්වාමිනාරායන් සංස්ථාව විසින් වන අතර, එය විශ්වාසය, සේවය සහ ගෝලීය සංහිඳියාව යන හින්දු සාරධර්ම පෝෂණය කිරීම ඉලක්ක කරගත් ආත්මික, ස්වේච්ඡාවෙන් මෙහෙයවන සහයෝගීතාවයක් ලෙස හඳුන්වනු ලබනවා.

වසර 200ක් පැරණි ඉතිහාසයකට හිමිකම් කියන මෙම සංවිධානයේ මූලස්ථානය ගුජරාට් හි පිහිටා තිබෙනවා.

දශක ගණනාවක් තිස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විහාරස්ථාන පැවතුණද, සාම්ප්‍රදායික ශිල්පීය ක්‍රම භාවිතා කරමින් ඉදිකරන ලද පළමු විහාරය මෙය වනවා.

එමෙන්ම රාජස්ථාන් ප්‍රාන්තයේ රෝස වැලිගල් සහ සුදු ඉතාලි කිරිගරුඬ වලින් සාදන ලද මෙම විහාරය ඉන්දියාවේ සංස්කෘතිය ඔපනන්වන කැටයම්වලින් සමන්විත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This