අභ්‍යවකාශයේ දීර්ඝතම සංචාරයට අමෙරිකානු ගගනගාමී Frank Rubioගෙන් වාර්තාවක්

අභ්‍යවකාශයේ දීර්ඝතම සංචාරයට අමෙරිකානු ගගනගාමී Frank Rubioගෙන් වාර්තාවක්

ගගනගාමි Frank Rubio දින 355කට වැඩි කාලයක් පෘථිවි කක්ෂයේ සිටිමින් අමෙරිකානු ගගනගාමියෙකුගේ දීර්ඝතම අභ්‍යවකාශ මෙහෙයුමේ වාර්තාව බිඳ දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2022 සැප්තැම්බර් මාසයේ සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින Rubio විසින් විශ්‍රාමික NASA ගගනගාමී Mark Vande Hei විසින් තබා තිබූ වාර්තාව බිඳ දමා ඇති බවයි අභ්‍යවකාශ ඒජන්සිය සඳහන් කරන්නේ.

එපමණක්ද නොව, Rubio සති කිහිපයකින් තවත් වැදගත් සන්ධිස්ථානයකට ළඟා වීමට නියමිතයි.

රුසියානු Soyuz capsule සැප්තැම්බර් 27ට පෙර ඔහු සහ ඔහුගේ සෙසු කාර්ය මණ්ඩල සගයන් දෙදෙනා වන ගගනගාමී Sergey Prokopyev සහ Dmitri Petelin නොලැබෙන බවත් ඔවුන් නැවතත් පෘථිවියට පැමිණීම තවත් ප්‍රමාද වන බවයි සඳහන් වන්නේ.

එනම් Rubio තම මෙහෙයුම අවසන් කළ පසු අවම වශයෙන් තවත් දින 371ක් කක්ෂයේ ගත කර තිබෙනවා.

එහෙත් Rubio මෙහෙයුම මුලින් සැලසුම් කර තිබුණේ වාර්තා බිඳ දැමීමට නොවන බවද සඳහන්.

2022 සැප්තැම්බර් 21 වන දින Rubio රුසියානු Soyuz capsule අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පිටත් වූ විට, ඔහු සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විශ්වාස කළේ ඔවුන් මාස හයක මෙහෙයුමක් සිදු කර නැවත පැමිණෙන බවයි.

නමුත් Rubio සහ ඔහුගේ රුසියානු සගයන් දෙදෙනා රැගෙන ගිය අභ්‍යවකාශ යානය දෙසැම්බර් මාසයේදී sprang a coolant leak හෙවත් සිසිලනකාරක කාන්දුවක් ඇති කර තිබෙනවා.

අභ්‍යවකාශ ඒජන්සිය වන Roscosmos හි නිලධාරීන් පසුව යානය කාර්ය මණ්ඩලය සමග ආපසු පෘථිවියට රැගෙන යාමට අනාරක්ෂිත බව පෙන්වා දී ඇති අතර ඔහු අභ්‍යවකාශයේ ගත කළයුතු කාලය දීර්ඝ වූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This