
අභිමානවත් 77 වන නිදහස් දිනය අදයි
අභිමානවත් 77 වන නිදහස් දිනය අදට (04) යෙදී තිබෙනවා.
ඒ අනුව 77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද (04) පෙරවරුවේ නිදහස් චතුරස්ර පරිශ්රයේ දී අභිමානවත් ලෙස පැවැත්වීමට නියමිතයි.
ජාතික පුනරුදයට පෙළගැසෙමු යන තේමාව යටතේ මෙවර නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙනවා.
ඒ අනුව ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ සජීවීව ඔබට නැරඹිය හැකියි.