ඇමෙරිකාවත් එක්වූ ලොව කළඹන ඊශ්‍රායල – ඉරාන යුද්ධයට හේතුව න්‍යෂ්ටික අවියක් ?

ඇමෙරිකාවත් එක්වූ ලොව කළඹන ඊශ්‍රායල – ඉරාන යුද්ධයට හේතුව න්‍යෂ්ටික අවියක් ?

කවදත් අහන්න ලැබුනේ ඉරානයත් ඊශ්‍රායලයත් අතර මතභේදාත්මක පුවත්.

ඒ අනුව පසුගිය මාස කිහිපය තුළ ඉරානය න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීම වේගවත් කරමින් සිටි බවත්, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මැඩපැවැත්වීම අරමුණු කර ගත් සාකච්ඡා අසාර්ථක වූ බවයි ඊශ්‍රායලය පැවසුවේ.

එහි අවසාන විකල්පය ලෙස පවතින තත්වය නිර්මාණය වූ බවත් ඊශ්‍රායලය පවසනවා.

ඉරානයෙන් සිය පැවැත්මට තර්ජනයක් එල්ල වන බවත් ඊශ්‍රායලය පවසා තිබුණා.

ඉරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගන්නේ නම්, ඊශ්‍රායල රාජ්‍යය විනාශ කරන බවට ඔවුන් කලින් දිවුරා පවසා ඇති අතර, ඉරානය යම්හෙයකින් එය භාවිත කරනු ඇතැයි ඊශ්‍රායලය සැක පල කරනවා.

ඉරානය න්‍යෂ්ටික අවියක් තැනීමට ආසන්නව සිටි බව කලාපයේ සෙසු රටවල් විශ්වාස නොකරන බවක්ද වාර්ථා වන අතර, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ද එය පිළිනොගනී.

 

Share This