අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මරුට (VEDIO)

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මරුට (VEDIO)

අම්බලන්ගොඩ කන්ද මාවත ප්‍රදේශයේ ඊයේ (16) රාත්‍රියේ නාඳුනන පුද්ගලයෙක් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය ගිය පුද්ගලයා තම නිවසේ සිටියදී මෙම වෙඩි තැබීමට ලක්ව ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන්.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත් වුයේ 2022 වසරේ වයස අවුරුදු 19 පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ධම්මික නිරෝෂණ අතර ඔහු වයස අවුරුදු 41 ක් වූ කන්ද මාවත, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි වාර්තා වන්නේ.

Share This