අම්බලන්ගොඩ වෙළෙඳ සංකීර්ණ ගින්න පාලනය කරයි

අම්බලන්ගොඩ වෙළෙඳ සංකීර්ණ ගින්න පාලනය කරයි

අම්බලන්ගොඩ නගර සභාවට අයත් මහාවීදියේ වෙළෙද සංකීර්නයේ අද දහවල් ඇතිවූ ගින්නෙන් එහි වෙළෙද සැල් 5 කට අලාභහානි වී ඇති බව අම්බලන්ගොඩ පොලිසිය පවසනවා.

මෙම නගර සභා වෙළෙද සංකීර්ණයේ කඩ කාමර බදු පදනමට ලබාදි තිබෙන අතර එහි විදුලි උපකරණ අලෙවිසලක උඩුමහලේ ගිනි ගිනිගැනීම හටගෙන තිබුණා.

දෙමහල් ගොඩනැගිල්ල මේ වන විට අම්බලන්ගොඩ නගර සභාව සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න පාලනය කිරිමට කටයුතු කර තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගාල්ල ගිනි නිවන ඒකකය ද පැමිනි බවයි.

මේ වන විට ගින්න මුලුමනින්නම පාලනය කර තිබෙනවා.

.

Share This