අම්භිකාගේ චෝදනා විදේශ අමාත්‍යාංශය ප්‍රතිෙකෂ්ප කරයි (වීඩියෝ)
යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ලබාදෙන GSP ප්ලස් සහනය ලබාදීම අත්හිටුවීම ඇතුළු ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවට එරෙහිව ගතයුතු බවට නීලන් තෙරුචෙල්වම් සංවිධානයේ සභාපතිනිය යුරෝපා පාර්ලිමේන්තුවේ අනු කමිටුවක් හමුවේ කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය දැඩි කණස්සල්ල පළ කරනවා.
විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ නීලන් තෙරුචෙල්වම් සංවිධානයේ සභාපතිනි අම්භිකා සත්කුණනාදන් මහත්මිය එම අනු කමිටුව හමුවේ සිදුකළ ප්‍රකාශය ප්‍රතිෙකෂ්ප කරන බවයි.
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා කම්කරු අයිතිවාසිකම් පිළිබඳ තත්ත්වය සම්බන්ධයෙන් පැවති අදහස් හුවමාරුකවකදී ශ්‍රී ලංකාවට අදාළ නීලන් තෙරුචෙල්වන් සංවිධානයේ සභාපතිනී අම්භිකා සත්කුනනාදන් මහත්මිය කරුණු රැසක් ඉදිරිපත් කර තිඛෙනවා.
එහිදී ඇය නිර්දේශ කර තිඛෙන්නේ මානව හිමිකම් සම්බන්ධයෙන් රජයට බල කිරීම සඳහා යුරෝපා සංගමය GSP ප්ලස් සහනය භාවිත කළ යුතු බවටයි.
මේ සම්බන්ධයෙන් කණගාටුව පළ කරන විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම දැනට පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් සියලූම ප්‍රජාවන්ට අයත් මිලියන සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවනෝපාය කෙරෙහි මේ වනවිටත් බලපෑම් එල්ලවී ඇති අවස්ථාවක යුරෝපා සංගමයේ GSP ප්ලස් පහසුකම ශ්‍රී ලංකාවට අහිමි වුවහොත් එහි ප්‍රතිඵලයක් ලෙස මුහුණදීමට සිදුවන අඩුපාඩු හේතුවෙන් දුප්පත්කම ඉහළ ගොස් ආදායම්වල අසමානතාවය උග්‍ර වනු ඇති බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වල සිදු කෙරෙන ප්‍රධාන කර්මාන්ත අතරට අයත් වන ධීවර කර්මාන්තයට හා කෘෂි කර්මාන්තයට මෙ මඟින් දැඩි බලපෑම් එල්ලවනු ඇති බවත් විදේශ අමාත්‍යාංශය පවසනවා.
වාර්ගික ප්‍රජාවන්ට වෙනස් අයුරින් සැලකීම සම්බන්ධයෙන් අම්භිකා සත්කුණනාදන් මහත්මිය යුරෝපා පාර්ලිමේන්තුවේ අනු කමිටුව හමුවේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිඛෙනවා.
එම ප්‍රකාශය ජනතාව අතර වෛරය ඇති කිරීම සඳහා වරක් ඛඔඔෑ සංවිධානය ක්‍රියාත්මක කළ වැඩ පිළිවෙල නිරූපණය වනබවයි විදේශ අමාත්‍යාංශයේ නිවේදනයේ දැක්වෙන්නේ.
ජාත්‍යන්තර ප්‍රජාව අතර ශ්‍රී ලාංකික ප්‍රජාව පිළිබඳ අභූත චෝදනා පැතිරවී මෙන්ම රට තුළ සමාජ සංහිඳියාව ඇති කිරීම සඳහා බහු ආගමික රටක් වශයෙන් මෙවැනි චෝදනා ප්‍රතිෙකෂ්ප කළ යුතු බවත් විදේශ අමාත්‍යාංශය පවසනවා.
විපාක නොලැඛෙන සංස්කෘතියක් රටතුළ තිඛෙන බවට සත්කුණනාදන් මහත්මිය කරන ප්‍රකාශය ද විදේශ අමාත්‍යාංශය විසින් ප්‍රතිෙකෂ්ප කර තිබෙනවා.
ශ්‍රී ලංකා රජය සිංහල, බෞද්ධ ජාතික වාදය සහ මිල්ටරීකරණය මෙහෙයවන බවට ද සත්කුණනාදන් මහත්මිය අදාළ අනු කමිටුව හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
එහෙත් විදේශ අමාත්‍යාංශය පවසන්නේ රට තුළ ආගමික හෝ වාර්ගිය භේදයකින් තොරව කටයුතු ක්‍රියාත්මක වන බවයි.
එක රටක් එක නීතිය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය පිළිබඳව නීලන් තිරුචෙල්වන් පදනමේ සභාපතිනිය නගන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන විදේශ අමාත්‍යාංශය සිය නිවේදනයෙන් අවධාරණය කරන්නේ අදාළ කාර්ය සාධක බලකාය මඟින් සිදු කරන්නේ උපදේශන කටයුතු පමණක් බවයි.
එම කාර්ය සාධක බලකායේ නිර්දේශ පළමුව අධිකරණ අමාත්‍යාංශයේ අධ්‍යයනය පිණිස යොමුකර පසුව අමාත්‍ය මණ්ඩලය හරහා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.