අමාත්‍ය විජිත හේරත් එ.ජා. නියෝජිතයෙක් සහ බෙලරූස් විදේශ ඇමති සමග සාකච්ඡා

අමාත්‍ය විජිත හේරත් එ.ජා. නියෝජිතයෙක් සහ බෙලරූස් විදේශ ඇමති සමග සාකච්ඡා

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම මෙහෙයුම් සඳහා නියෝජ්‍ය මහලේකම් ජීන්-පියරේ ලැක්‍රොයික්ස් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් ඇමරිකාවේ දී සිදුව තිබෙනවා.

සිය X ගිනුමේ සටහනක් තබමින් අමාත්‍ය විජිත හේරත් මහතා පවසා ඇත්තේ ඔහු දැක් වූ කාරුණික භාවයට සහ සාම සාධක හමුදාවට සහ ගෝලීය සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා එක්ව කටයුතු කිරීමට ලැබීම ගැන තමන් සහය දැක්වීම පිළිබඳව සතුටු වන බවයි.

මෙම හමුව සම්බන්ධයෙන් ජීන්-පියරේ ලැක්‍රොයික්ස් මහතා ද සිය X සමාජ මාධ්‍ය ගිනුමේ සටහනක් තබා තිබුණා.

මෑතකදී තමන් ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක ක්‍රියාන්විතයන් නිරීක්ෂණය සදහා කළ සංචාරයකදී ශ්‍රී ලංකා සාම සාධක භටයින්ගේ කැපවීම සියැසින් දැකීමට ලැබුණු බවත් එ.ජා. සාම සාධක හමුදාවට සහ ගෝලීය සාමය සහ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකාව දක්වන සහයෝගය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාට ස්තූතිතිය පුදකළ බවත් එහි දක්වා තිබුණා.

මේ අතර බෙලරුස් විදේශ අමාත්‍ය මැක්සිම් රයිෂෙන්කොව් සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සාර්ථක ද්විපාර්ශ්වික හමුවක් පවත්වා තිබෙනවා.

 

Share This