අමු එළවළු පමණක් ආහාරයට ගත් Vegan Influencer කෙනෙකු මියයයි

අමු එළවළු පමණක් ආහාරයට ගත් Vegan Influencer කෙනෙකු මියයයි

Zhanna D’Art ලෙස හැඳින්වූ Vegan Influencer කෙනෙකු වන රුසියානු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් Zhanna Samsonova කාලයක් තිස්සේ අමු එළවළු පමණක් ආහාරයට ගැනීම නිසා මියගොස් තිබෙනවා.

39 හැවිරිදි ඇය කුසගින්නෙන් සිටි නිසා මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Samsonova ට ඉහළ තට්ටුවක ජීවත් වන මිතුරියක්, ඇයට ප්‍රතිකාර ලබා ගැනීමට ඒත්තු ගැන්වුවද, Samsonova ඊට එකඟ වී නොමැති බවයි වාර්තා වන්නේ.

Samsonova අවම වශයෙන් දශකයක්වත් සම්පූර්ණයෙන්ම අමු එළවළු පමණක් ආහාරයට ගෙන තිබෙනවා.

ඇය අමු එළවළු ආහාරයට ගැනීම ප්‍රවර්ධනය කිරීමට පුරුදු වූ අතර ඊට හුරු වන ලෙස ඇගේ අනුගාමිකයන්ට පවසා ඇති බවද සඳහන්.

39 හැවිරිදි ඇය කොස්, දූරියන්, පලතුරු, බීජ, කොළ, පළතුරු යුෂ පමණක් පරිභෝජනය කළා.

ඇය වසර හයක් ජලය පානය නොකළ බව ද Samsonova සමාජ මාධ්‍ය වල පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This