අමෙරිකානු ආධාර ගැන පාකිස්ථානයට රතු එළියක්

අමෙරිකානු ආධාර ගැන පාකිස්ථානයට රතු එළියක්

අමෙරිකාවෙන් පාකිස්ථානයට ලබා දෙන ආධාර කප්පාදු කල යුතු බව අමෙරිකානු ජනාධිපතිධූර අපේක්ෂිකා නිකී හේලි පවසනවා.

ඇය පැවසුවේ ණය බරින් පිරුණු පාකිස්ථානය සිටින්නේ සිම්බාබ්වේ රාජ්‍යය මෙන් චීන සාක්කුවේ බවයි.

බෙලරූස් රාජ්‍යය රුසියාවේ මිතුරෙකු බවත්, සිම්බාබ්වේ සහ පාකිස්ථානය චීනයේ මිතුරන් බවත් එබැවින් අමෙරිකාව ඔවුන්ට ලබා දෙන ආධාර කප්පාදු කළ යුතු බවයි ඇය සඳහන් කළේ.

තමන් බලයට පත් වුවහොත් අමෙරිකාවට වෛර කරන රටවලට ලබාදෙන විදේශ ආධාර සෑම සතයක්ම කපා හරින බව නිකී හේලි අවධාරණය කර තිබෙනවා.

එමෙන්ම ජනතාවගේ මහන්සියෙන් උපයන මුදල් අමෙරිකාවට එරෙහි පාර්ශ්ව වෙනුවෙන් වැය නොකළ යුතු බවයි ඇය පවසන්නේ.

2024 අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් ඉදිරිපත්ව සිටින නිකී හේලි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු අමෙරිකානු තානාපතිවරියයි.

Share This