අමෙරිකානු ගුවන් භටයෙක්ට වසර 15ක සිර දඩුවම්

අමෙරිකානු ගුවන් භටයෙක්ට වසර 15ක සිර දඩුවම්

රහස්‍ය දත්ත සහ ආරක්ෂක ලේඛන මුදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ අමෙරිකානු ගුවන් භටයෙකුට වසර 15ක සිර දඩුවම් නියම කර තිබෙනවා.

21 හැවිරිදි වියේ පසු වන ඔහු අමෙරිකානු ගුවන් හමුදාවේ ජාතික ආරක්ෂක බලකායේ සාමාජිකයෙක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ආරක්ෂක තොරතුරු අනවසරයෙන් තබා ගැනීම සහ ඒවා මුදාහැරීම සම්බන්ධයෙන් එම අමෙරිකානු ගුවන් භටයාට එරෙහිව චෝදනා එල්ල වී තිබූ අතර ඊට අදාළව FBI නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකරුට එරෙහිව චෝදනා 02ක් යටතේයි නඩු පැවරීමට පියවර ගෙන තිබුණේ.

ඒ අනුව පළමු චෝදනාවට සැකකරුට වසර 10ක සිරදඬුවමක් සහ දෙවන චෝදනාවට වසර 05 ක සිරදඬුවමක් ලෙස වසර 15 ක සිරදඬුවම් මෙලෙස නියම කර තිබෙනවා.

Share This