අමෙරිකානු පාපන්දු කණ්ඩායමක් සිටි ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

අමෙරිකානු පාපන්දු කණ්ඩායමක් සිටි ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි

පෙන්සිල්වේනියා Pittsburgh හි වෘත්තීය අමෙරිකානු පාපන්දු කණ්ඩායම වන Pittsburgh Steelers ගමන් කරමින් සිටි ගුවන් යානය හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

ඒ, අදාළ යානයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන්.

ඒ අනුව එම යානය Kansas වෙත හදිසියේ ගොඩබස්වා තිබෙනවා.

කෙසේවෙතත් යානයේ සිටි කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර ගොඩබැස්වූ යානය නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This