අමෙරිකාව වෙනිසියුලාවට පනවා තිබූ සම්බාධක ලිහිල් කරයි

අමෙරිකාව වෙනිසියුලාවට පනවා තිබූ සම්බාධක ලිහිල් කරයි

දකුණු අමෙරිකානු රජය සහ විපක්ෂය ලබන වසරේ මැතිවරණයක් පැවැත්වීමට එකඟ වීමෙන් පසු අමෙරිකාව වෙනිසියුලාවට පනවා තිබූ සම්බාධක ලිහිල් කර තිබෙනවා.

ඒ අනුව වෙනිසියුලාවේ තෙල්, ගෑස් සහ රත්‍රන් යන ක්ෂේත්‍රවලට පනවා තිබූ සම්බාධක ලිහිල් කිරීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම 2024 වසරේ දෙවන භාගයේදී පැවැත්වීමට නියමිතව ඇති මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයින්ට ආරාධනා කිරීමට වෙනිසියුලානු රජය එකඟ වී තිබෙනවා.

විරෝධතා මැඩපැවැත්වීම සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් පනවා ඇති අනෙකුත් සම්බාධක තවමත් ඒ ආකාරයෙන්ම පවතිනවා.

මැතිවරණ ගිවිසුම බිඳ වැටුණහොත් ලිහිල් කිරීම ආපසු හැරවිය හැකි බබවයි Washington අනතුරු අඟවා ඇත්තේ.

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නව සාමාන්‍ය බලපත්‍රයක් මගින් 2019 සිට දැඩි සම්බාධකවලට ලක්ව සිටි වෙනිසියුලාවට ඉදිරි මාස හය සඳහා තෙල් නිෂ්පාදනය කිරීමට සහ එහි තෝරාගත් වෙළඳපොළට අපනයනය කිරීමට අවසර දී තිබෙනවා.

රන් අංශය සම්බන්ධයෙන් කාල සීමාවක් නියම කර නොමැති බවයි වාර්තා වන්නේ.

Share This