අමෙරිකාවෙන් ඩොලර් මිලියන 120ක්

අමෙරිකාවෙන් ඩොලර් මිලියන 120ක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ ප්‍රගතියට සහාය දැක්වීම සඳහා අමෙරිකාවේ “ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය කෝපරේෂන්” මගින් අමෙරිකානු ඩොලර් මිලියන 120ක ණය මුදලක් අනුමත කළ බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

අද නිවේදනය කළ ව්‍යාපෘතිය ඔස්සේ අමෙරිකානු ඩොලර් මිලියන 100ක් කොමර්ෂල් බැංකුවට ඝෘජු ණයක් ලෙස ලබාදීමට නියමිතයි

එම මුදල භාවිතාකර ශ්‍රී ලංකාවේ ක්‍ෂුද්‍ර, කුඩා, සහ මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින්ට ණය ලබාදීමට එම බැංකුවට අවස්ථාව හිමිවනවා.

විශේෂයෙන්ම කාන්තා ව්‍යවසායකත්වය වර්ධනය කිරීමට එය ආධාර වෙතැයි අපේක්ෂා කෙරෙනවා.

ඉතිරි ඩොලර් මිලියන 20 පෞද්ගලික ආයතන දෙකකට ලබාදීමට නියමිතයි.

Share This