අමෙරිකාවෙන් යුක්‍රේනයට මිලිටරි ආධාර පැකේජයක්

අමෙරිකාවෙන් යුක්‍රේනයට මිලිටරි ආධාර පැකේජයක්

අමෙරිකාව විසින් යුක්‍රේනයට අතිරේක හමුදා ආධාර වශයෙන් ඩොලර් බිලියන 1.2 ක මිලිටරි ආධාර පැකේජයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඊයේ (09) දිනයේ ප්‍රකාශයට පත් කෙරුණු නව ආධාර පැකේජයට ගුවන් ආරක්ෂක පද්ධති, සාම්ප්‍රදායික කාලතුවක්කු සහ ප්‍රති-ඩ්‍රෝන් පතොරම්, චන්ද්‍රිකා ඡායාරූප සේවා සහ හමුදා පුහුණුව සඳහා අරමුදල් ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

යුක්‍රේනයේ කියෙව් සහ අනෙකුත් ප්‍රධාන නගර ඉලක්ක කර ගනිමින් රුසියානු මිසයිල සහ ඩ්‍රෝන යානා රාශියක් පසුගිය සතිය තුළ එල්ල කෙරුණා.

යුද්ධය ඇති වීමත් සමග යුක්‍රේනයට ඩොලර් බිලියන 35 කට වඩා ආයුධ ගෙන ගොස් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

Share This