
අමෙරිකාවෙන් වාර්තා වන සරම්ප රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට
අමෙරිකාවෙන් වාර්තා වන සරම්ප රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව එරට ප්‍රාන්ත 10කින් වාර්තා වන සරම්ප රෝගීන් සංඛ්‍යාව 1,000කට ආසන්න වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉන් බහුතරයක් ටෙක්සාස් ප්‍රාන්තයෙන් වාර්තා වන බව සඳහන්.
මාස තුනක පමණ කාලයක ලෙස එරටින් හඳුනාගෙන ඇති සරම්ප රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර සරම්ප රෝගයට එරෙහි එන්නත්කරණයට අවශ්‍ය ක්‍රියාමාර්ග ද දැනටමත් ක්‍රියාවට නංවා තිබෙනවා.