අමෙරිකාවේ Mask පැළඳීම නැවතත්?

අමෙරිකාවේ Mask පැළඳීම නැවතත්?

අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක රෝහල්වල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා.

එරට Oklahoma නගරයේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

New York, California, Illinois and Massachusetts යන ප්‍රාන්තවල පිහිටි රෝහල් 11ක සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන 35ක පමණ මෙලෙස මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා.

දෙසැම්බර් 17-23 දක්වා අමෙරිකාව පුරා කොවිඩ් හේතුවෙන් 29,000 දෙනෙකුට අධික පිරිසක් රෝහල් ගත වී ඇති අතර එය පෙර සතියට වඩා 16%කට වඩා ඉහළ ගොස් ඇති බව සඳහන්.

Share This