
අමෙරිකාවේ තීරු බද්ද අඩු කරන ගන්න සාකච්ඡා අඛණ්ඩව
අමෙරිකාව විසින් මෙරටට පනවන ලද සියයට 30ක තීරු බද්ද තවදුරටත් අඩු කර ගැනීමේ සාකච්ඡා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අඛණ්ඩව සිදු කරන බව කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසනවා
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ තීරු බදු සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පිළිබඳ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී යොමු කරන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින්
එමෙන්ම අගෝස්තු පළමු වනදා වන විට ද්වි පාර්ශ්වික ගිවිසුමකට ඇතුළත් නොවුණහොත් සියයට 30 බදු අය කෙරෙන බවයි ඔහු එහිදී පැවසුවේ
මෙම ප්‍රතිශතය හිමි වූයේ මේවන තෙක් සිදු කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියා