අමෙරිකාවේ නව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්
මෙවර අමෙරිකාවේ ජනපතිවරණය ජයග්‍රහණය කළ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් වෙත චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ද සුබ පැතුම් එක් කර තිබෙනවා.
එම සුබ පැතුම සමඟින් චීන ජනපතිතුමන් පෙන්වා දී ඇත්තේ, චීනය සහ ඇමරිකාව සහයෝගයෙන් කටයුතු කිරීමෙන් අන්‍යෝන්‍ය වශයෙන් ප්රතිලාභ ලබා ගත හැකි බවට ඉතිහාසය සනාථ කර ඇති බවයි.
එහෙත්, එම සහයෝගය පසෙකලා සටන් කරන්නේ නම් එකිනෙකාට හානි සිදු වනු ඇති බව ෂී ජින්පිං මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
එබැවින්, ස්ථාවර, තිරසර හා නිසි අයුරින් ඉදිරියට පවත්වා ගෙන යන චීන-ඇමරිකා සබඳතාව, දෙරටේ පොදු ප්‍රතිලාභවලටත් ජගත් ප්‍රජාවේ අපේක්ෂාවන්ටත් අනුකූල වනු ඇති බව චීන ජනපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව අන්‍යෝන්‍ය ගරුත්වය, සහජීවනය, සහයෝගයෙන් පොදු-ජයග්‍රාහී බව මත පදනම්ව දෙරට සංවාදය තහවුරු කරන අත, මතභේද නිසියාකාරයෙන් විසඳා ගත හැකි වෙතැයි ෂී ජින්පිං මහතා අපේක්ෂා පළ කර ඇති බව සඳහන්.
එමෙන්ම පොදු-ප්රතිලාභ සහිත සහයෝගිතා පුළුල් කරමින් නවයුගයේ චීනය හා අමෙරිකාව අතර නිවැරදි ගමනක් ආරම්භ කර දෙරටට මෙන් ම ජනතාවටත් සුබසිද්ධීන් ලබාදීමට අපේක්ෂා කරන බවයි චීන ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කර ඇත්තේ.
මේ අතර චීන උප ජනාධිපති Han Zheng මහතා ද අමෙරිකාවේ නව උප ජනාධිපති James David Vance මහතා වෙත අද සිය සුබ පැතුම් පළ කර තිබෙනවා.