
අමෙරිකාවේ නව තීරුබදු ප්‍රතිශත එවන්න ට්‍රම්ප් පාලනය සැරසේ
අමෙරිකාවේ නව තීරුබදු ප්‍රතිශත ඇතුලත් ලිපි අද සිට අනෙක් රටවල් වෙත යොමු කරන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
අමෙරිකානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් වෙත පැනවූ තීරුබදු දින 90කට අත්හිට වූ අතර, එම කාලය ලබන 9 වැනිදායින් අවසන් වීමට නියමිතයි.
අමෙරිකාවේ විමුක්ති දිනය ලෙස නම් කරමින් මීට මාස තුනකට පෙර එනම්, ඉකුත් අප්‍රේල් මස දෙවැනිදා අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්්රම්ප් චීනය, යුරෝපා සංගමය, වියට්නානය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය, දකුණු කොරියාව ඇතුලු රටවල් 180කට ආසන්න සංඛ්‍යාවකට අන්‍යෝන්‍ය තීරුබදු පැනවූවා.
ඉන් පසු උදාවූයේ ලෝක බලවතුන් බදු වෙනුවෙන් එකිනෙකා සමඟ වෙළඳ අර්බුදයක පැටලුනු කාලවකවානුවක්.
අවස්ථා කිහිපයකදී මෙලෙස ට්‍රම්ප්ගේ ඉහළ තීරුබදුවලට යටත් වූ රටවල් කිහිපයක් අමෙරිකාව සමඟ වෙළඳ ගිවිසුම් ඇතිකර ගනිමින් තමන් මතට පැටවූ බදු අවම කරගැනීමට සමත් වුණා.
මීට දින කිහිපයකට පෙර අමෙරිකාව සමඟ සාකච්ඡා මාර්ගයට ගොස් දෙපාර්ශ්වය අතර ගිවිසුමක් ඇතිකර ගැනීම හරහා මීට පෙර 46%ක්ව පැවති තීරු බදු 20% දක්වා අඩු කරගැනීමට වියට්නාමයට හැකිවුනේ ඒ අනුවයි.
මෙලෙස රට රටවල් අමෙරිකාව සමඟ සුහදව සාකච්ඡා මාර්ගයෙන් බදු අඩු කර ගැනීමේ පිළිවෙතකට යොමුවීම කෙරෙහි අවධානය යොමු කළේ, ට්‍රම්ප් තීරුබදු දින 90ක කාලයකට තාවකාලිකව අත්හිටුවා තිබූ පසුබිමකයි.
එම දින 90ක කාලය තවත් දින පහකින් අවසන් වීමට නියමිත අතර ඒ පිළිබද අවධාරණය කරමින් අමෙරිකානු ජනපතිවරයා සදහන් කර ඇත්තේ, අමෙරිකාවේ නව තීරුබදු ප්‍රතිශත ඇතුළත් ලිපි අද සිට අනෙක් රටවල් වෙත යොමු කරන බවයි.