අමෙරිකාවේ බැංකුවක් කඩා වැටෙයි

අමෙරිකාවේ බැංකුවක් කඩා වැටෙයි

එක්සත් ජනපද බැංකුවක් වන Sillicon Valley Bank (SVB) මුදල් තැන්පත් කර ඇති පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට සඳුදා(13) සිට ඔවුන්ගේ සියලුම මුදල් නැවත ලබා ගත හැකි බව එක්සත් ජනපද රජය පවසන බව විදෙස් මාධ්‍ය පවසනවා.

එක්සත් ජනපද භාණ්ඩාගාරය, ෆෙඩරල් සංචිතය සහ ෆෙඩරල් තැන්පතු රක්ෂණ සංස්ථාව (FDIC) විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක් උපුටා දක්වමින් තැන්පත්කරුවන් සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

මෙම පියවරෙන් බදු ගෙවන්නාට කිසිදු පාඩුවක් සිදු නොවන බවද එම නිවේදනයේ සඳහන් වන බවයි පැවසෙන්නේ.

2008 මූල්‍ය අර්බුදයෙන් පසු එක්සත් ජනපද බැංකුවක සිදු වූ විශාලතම කඩා වැටීම මෙය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ ජනතාවට ඔවුන්ගේ බැංකු තැන්පතු අවශ්‍ය විටෙක ගැනීමට හැකිවනු ඇති බවට විශ්වාසය තැබිය හැකි බවයි

Share This