
අඹු සැමි හබය දුරදිග ගොස් සැමියා සැකය මත බිරිය ඝාතනය කරයි
ගෙල කපා බිරිඳ ඝාතනය කර පිහියත් රැගෙන ගොස් පොලිසියට බාර වූ සැමියා අත්අඩංගුවට.
මීරිගම, රේන්දපොළ ප්‍රදේශයේ පුද්ගලයකු සිය බිරිඳ තියුණු ආයුධයකින් කපා ඝාතනය කර පසුව සැකකරු මන්නා පිහියක්ද රැගෙන මීරිගම පොලිස් ස්ථානයට ගොස් බාරවීමේ මේ සිදුවීමක් වාර්තා වනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ජයසිංහ ආරච්චිලාගේ තක්සලා දිල්රුක්ෂි ජයසිංහ නමැති වයස 33 ක විවාහක දෙදරු මවක්.
ඝාතනය සිදුකළ බව කියන සැකකාර සැමියා කුමරපෙරුම ආච්චිලාගේ අනුරුද්ධ කුමාර නමැති වයස අවුරුදු. 37 ක අයෙක් බව පොලීසිය පැවසුවා.
මීරිගම පොලිසිය පැවසුවේ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු වී ඇති බවයි.
සැමියා විදේශගතව රැකියාව කර මීට සති දෙකකට පමණ පෙර ලංකාවට පැමිණ ඇතිි බවත් සැමියා විසින් විදේශගතව සිටියදී බිරිඳ වෙත එවූ මුදල් කිසිවක් මේ වන විට නොමැති වීමත්, බිරිඳ වෙනත් අයෙකු සමග යම් සම්බන්ධතාවයක් පවත්වනවාද යන්න සැමියා විසින් සැක කර ඇති බවත් ඒ අනුව ඇති වූ බහින්බස්වීමත් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදු වී ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
වයස අවුරුදු 12 සහ වයස අවුරුදු 07 වියේ පසුවන සිය දරුවන් දෙදෙනා මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී නිවසේ කාමරයක ඇද මත දී සකකාර සැමියා දැලි පිහියකින් බිරිඳගේ ගෙල කපා ඇතැයි සදහන්.
කෑ ගසන ශබ්දයක් ඇසී වැඩිමහල් දරුවා දුවගොස් පියා අතේ තිබූ දැලි පිහිය උදුරා විසිකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
කැපුම් තුවාල සහිතව බිරිඳ ඊට යාබද නිවස වෙත දිව ගොස් ඇති අතර එම නිවසෙහි මිදුලෙහි වැටී තිබෙනවා.
පසුව සැකකාර සැමියා මන්නා පිහියක් රැගෙන අසල්වාසී කිසිවකුටත් බිරිඳ අසලට පැමිණීමට නොහැකි වන සේ බිය ගන්නවා තිබෙනවා.
අප වාර්තාකරු පැවසුවේ අනතුරුව සැමියා අතේ ඇති මන්නා පිහියද රැගෙන මීරිගම පොලිසිය වෙත ගොස් බාර වී ඇති බවයි.
අත්තනගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළා.