අඹුසැමි යුවලකට තියුණු ආයුධ ප්රහාරයක් – බිරිඳ මරුට – සැමියාට බරපතලයි
ආරච්චිකට්ටුව බෝපත්ගම ප්රදේශයේ අඹුසැමි යුවලකට ඊයේ 29දා රාත්රියේ තියුණු ආයුධයකින් පහර දී ඇති බවට පොලිසිය ප්රකාශ කළා
ඉන් බරපතල තුවාල ලැබූ අඹු සාමි යුවල හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අද 30 අලුයම බිරිඳ මරණයට පත්ව
ඇති බවයි ආරච්චිකට්ටුව පොලීසිය කියා සිටියේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 28 හැවිරිදි තිදරු මවක්.
මරණයට පත් කාන්තාවගේ සැමියාගේ තත්වයද බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.
තියුණු ආයුධයකින් පහර දුන් පුද්ගලයා සහ මෙම පවුල අතර ආරවුලක් තිබී ඇති බවත් මිය ගිය කාන්තාවට සහ ඇයගේ සැමියාට වරින්වර මරණ තර්ජන සිදු කර ඇති බවත් පොලීසිය සිදුකළ විමර්ෂණ වලදී අනාවරණ වී තිබෙනවා.
ඝාතනය සිදු කළ පුද්ගලයා අනුරාධපුර ප්රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු මේවන විට ප්රදේශයෙන් පළාගොස් ඇතිබවත් ඝාතකයා සෙවීමට විශේෂ විමර්ෂණයක් ආරම්භකර ඇති බවත් පොලීසිය සඳහන් කළා.