අයර්ලන්තයේ ඔෆාලි ප්‍රාන්තයේදී කාන්තාවක් ඝාතනය කෙරේ

අයර්ලන්තයේ ඔෆාලි ප්‍රාන්තයේදී කාන්තාවක් ඝාතනය කෙරේ

අයර්ලන්තයේ ඔෆාලි ප්‍රාන්තයේ ටුලමෝර් ප්‍රදේශයේ  ඇළ ඉවුරකදී පුද්ගලයෙක් කාන්තාවකට පහරදීමෙන් මියගොස් තිබෙනවා.

සවස 4ට පමණ Cappincur නගරයේ සිදුවූ සිදුවීමෙන් 20 හැවිරිදි කාන්තාවක් මිය ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් 40 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අයර්ලන්ත පොලිසිය විමර්ශන සිදු කරන අතර ප්‍රහාරය සිදුවන අවස්ථාවේ Cappincur ප්‍රදේශයේ සිටි ඕනෑම අයෙකුට මේ පිළිබඳව තොරතුරු ලබාදීමට ඉදිරිපත් වන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

ඇය පාසල් ගුරුවරියක් බවත් ව්‍යායාම කිරීම් සඳහා යමින් සිටියදී මෙම සිදුවීම සිදුව ඇති බවත් වැඩිදුරටත් විමර්ශන කිරීමේදී වාර්තා වී තිබෙනවා

Share This