අයර්ලන්තයේ රෝහලක ගින්නක් – රෝගීන් 200 කට වැඩි පිරිසක් රෝහලේ

අයර්ලන්තයේ රෝහලක ගින්නක් – රෝගීන් 200 කට වැඩි පිරිසක් රෝහලේ

අයර්ලන්තයේ වෙක්ස්ෆර්ඩ් මහ රෝහලේ ඇතිවූ විශාල ගින්නකින් පසු රෝගීන් 200 කට වැඩි පිරිසක් වෙනත් ස්ථානයකට මාරු කරනු ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එම ගින්නෙන් වෙක්ස්ෆර්ඩ් මහ රෝහලට විශාල ලෙස හානි සිදුව ඇති අතර රෝගීන්ට හෝ කාර්යය මණ්ඩලයට තුවාල හෝ අනතුරු කිසිවක් වාර්තා වී නොමැති බවයි අයර්ලන්ත නැගෙනහිර රෝහල් සමූහයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.

ගින්න පැය කිහිපයක් ඇතුළත පාලනය කිරීමට හැකිව ඇති අතර ගිලන්රථ මගින් Kilkenny, Waterford, Cork, සහ Dublin යන ප්‍රාන්තවල රෝහල් වෙත රෝගීන් රැගෙන යමින් පවතින බව ද වාර්තා වනවා.

ගින්නට හේතුව විමර්ශනය කෙරෙන අතර අලාභයේ සම්පූර්ණ ප්‍රමාණය මේවන විට තක්සේරු කරමින් පවතිනවා

Share This