අයහපත් කාලගුණය නිසා ජපානයේ ලක්ෂ 4කට වැඩි පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත

අයහපත් කාලගුණය නිසා ජපානයේ ලක්ෂ 4කට වැඩි පිරිසක් ආරක්‍ෂිත ස්ථාන වෙත

ජපානයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එරට ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ආරක්‍ෂිත ස්ථාන වෙත යොමුවන ලෙස දැනුම් දී තිබෙනවා.

Mawar සුළි කුණාටුව හේතුවෙන් හටගත් අධික වර්ෂාපතනයෙන් ජපානයේ ගංගා කිහිපයක් පිටාර මට්ටමට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව පුද්ගලයින් 410,000කට අධික පිරිසකට සිය පදිංචි ස්ථානවලින් ඉවත් වන ලෙස දැනුම් දී ඇති අතර පැයට කිලෝමීටර් 170ක පමණ වේගයකින් සුළි කුණාටුව හමා යන බවට කාලගුණ බලධාරීන් විසින් දැනුම් දී තිබෙනවා.

2018 වසරේ දී ජපානයට බලපෑ ගංවතුර හා නායයාම් හේතුවෙන් පුද්ගලයින් 200කට අධික පිරිසක් මියගොස් තිබුණා.

Share This