
අයහපත් කාලගුණයෙන් විපතට පත් වූවන් ගැන තොරතුරු දිනපතා යුද හමුදාපතිවරයාගෙන්
යහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ඇති ආපදා තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා විශේෂ ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ උපදෙස් මත නොවැම්බර් මස 28 දින සිට යුද හමුදා මූලස්ථානය , අකුරේගොඩ, බත්තරමුල්ලේ පිහිටුවා තිබෙනවා.
යුද හමුදා මූලස්ථානය පවසන්නේ මෙම මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී ලෙස කටයුතු කිරීමට පත් කර ඇති යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා සෑම දිනකම පස්වරුවේ රටෙහි වත්මන් තත්ත්වය පිළිඹඳව මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කරන බවයි.
