
අයිස් කිලෝ එකහමාරකට ආසන්න ප්‍රමාණයක් සමග පෙර පාසල් ගුරුවරිය සහ සැමියා අත්අඩංගුවට.
මාදම්පිටිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් කාන්තාවන් ද සමඟ ඊයේ(22) සවස මිහිජය සෙවණ මහල් නිවාස සංකීර්ණයේ සැකකරුවකු පිළිබඳව පරීක්ෂා කිරීමට යන අවස්ථාවේදී එම සැකකරු එම නිවසේ රැඳී නොසිටීම හේතුවෙන් එම නිවසේ එම සැකකරුගේ බිරිඳ වන රණසිංහ ආරච්චිලාගේ මල්ශා හරන්ති වයස අවුරුදු 32 පමණක් සිට ඇති අතර පොලිස් කාන්තාවන් යොදාගෙන එම කාන්තාව පරික්ෂා කිරීමේදී ඇගේ පපු ප්‍රදේශයේ සඟවාගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් සීයක් සොයා ගෙන තිබෙනවා.
මෙම සැකකාරිය කැලණි නදී පෙර පාසලේ ගුරුවරියක් බවත් පාසලේ සේවය කරන අතර අයිස් ජාවාරමේද නිරත වී ඇති බවත් අනාවරණය කරගෙන තිබෙනවා.
ඉන් නොනැවතුණු පොලිස් නිලධාරීන් ඇයගේ සැමියා තවත්යි මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නිවසට පැමිණෙන බවට ලැබුණු ඔත්තුවක් ඔස්සේ නිවස අසල සැඟවී සිටියදී බෑගයක් ද සමග නිවසට ඇතුළුවනවාත් සමගම ඔහු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව ඔහු පරීක්ෂා කරන විට ඔහුගේ ගමන් මල්ලේ අයිස් ග්‍රෑම් කිලෝ එකයි මිලිග්‍රෑම් 310 ක් හමුව තිබෙනවා.
පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයාට අයිස් මත්ද්‍රව්‍ය ලබාදෙන්නේ විදේශීය රටක සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවටයි.
මීට ඉහතදී මෙම පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට මිය ගොස් සිටින කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙක් බවට ද තොරතුරු අනාවරණය වනවා.
පොලීසිය කටයුතු කර ඇත්තේ මෙම සැකකරු අද මාලිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර විෂ මත්ද්‍රව්‍ය පනත යටතේ දින හතක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා ගැනීමටයි.
සැකකාර කාන්තාව සහ සැකකාර පුද්ගලයා අඹු සැමියන් වන අතර කාන්තාව අද දින මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
