අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

හංවැල්ල, නිරිපොල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන හංවැල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද බවට සැකකෙරෙන රුපියල් ලක්ෂයක මුදලක්ද සැකකරු සන්තකයේ තිබී පොලිස් බාරයට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41ක් වන හංවැල්ල, නිරිපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

විදේශ රටක සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය ජාවාරම් කිරීම සඳහා මෙම සැකකරු වෙත ලබාදී ඇති බවට දැනට සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හංවැල්ල පොලිසිය විසින් සිදුකරන බව සඳහන්.

Share This