
අයිස් සමග පුද්ගලයෙකු කොටු
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35ක් වූ ගල්කිස්ස, වටලප්පල පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්
පොලිස් විශේෂ කාර්යාංශයෙන් ලද තොරතුරක් අනුව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් දෙහිවල පොලිස් වසමේ වැටලීමක් සිදු කර මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20060ක් පොලිසිය විසින් සොයාගෙන ඇති බව සදහන්.
සැකකරු ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.
මෙම සැකකරු මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයකට සම්බන්ධදැයි කරුණු අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන පවත්වනවා.