අයිස් සමඟ කොටු වූ සැකකරු

අයිස් සමඟ කොටු වූ සැකකරු

අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේදී තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 248 මිලිග්‍රෑම් 570ක් සොයාගෙන ඇති බව සඳහන්.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු වයස 38ක් වන අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු අම්බලන්තොට පොලීසිය සිදුකරන බව සඳහන්.

Share This