අයිස් සමඟ කොටුවූ සැකකරුවන් තිදෙනා

අයිස් සමඟ කොටුවූ සැකකරුවන් තිදෙනා

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකට අනුව අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස්, මට්ටක්කුලිය සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල සිදුකළ වැටලීම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව සඳහන්.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 560, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 09, සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 380ක් සොයාගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 හා 32 වයස්වල පසුවන වැල්ලම්පිටිය සහ මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකරනු ලබනවා.

Share This