අරමුණු රැසක් ඇතිව රුසියාවේ නියෝජ්‍ය අගමැති ඉන්දියාවට
රුසියාවේ නියෝජ්‍ය අගමැති ඩෙනිස් මන්තුරොව් සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ තිබෙනවා.
දෙරට අතර වෙළඳ සබඳතා වැඩි දියුණු කිරීම අරමුණු කරගත් අන්තර් රාජ්‍ය රුසියානු-ඉන්දියානු කොමිසමේ සම සභාපතිත්වය භාරගැනීම සඳහා ඔහු එලෙස ඉන්දියාවට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඩෙනිස් මන්තුරොව් රුසියාවේ කර්මාන්ත හා වෙළඳ අමාත්‍යවරයා ද වනවා.
මෙම සංචාරයේදී ඔහු දින දෙකක කාලයක් ඉන්දියාවේ රැඳී සිටීමට නියමිතයි.
එහිදී මැන්ටුරොව් ද්විපාර්ශ්වික රැස්වීම් ගණනාවක් ද පවත්වනු ඇති බවයි ඉන්දියාවේ රුසියානු තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ.
එම සාකච්ඡාවලදී ද්විපාර්ශ්වික වෙළඳාම, ආර්ථික සහ මානුෂීය සහයෝගීතාවය පිළිබඳ ගැටළු සාකච්ඡා කිරීමට දෙපාර්ශවය සැලසුම් කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.