අර්චුනාට අධිකරණ නියෝගයක්

අර්චුනාට අධිකරණ නියෝගයක්

අනුරාධපුර ගල්වල හන්දිය ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා විසින් රථවාහන රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් රථවාහන නීතියට අනුකූල නොවී ක්‍රියා කිරීම සම්බන්ධව අනුරාධපුර පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිස් ස්ථානය මඟින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ මෝටර් වාහන පනතට ගැනෙන වැරදි සිදුකර ඇති බවට අනාවරණය වී ඇති බව සඳහන්.

ඒ අනුව අධිකරණය විසින් පවතින නෛතික ප්‍රතිපාදන යටතේ ඉදිරි විමර්ශන කටයුතු කිරීමටත් සැකකරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමටත් පෙබරවාරි මස 03වන දින අධිකරණය වෙත වාර්තා කරන ලෙසත් දැනුම්දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වන බව සඳහන්.

එම නිවේදනය පහතින්,

Share This