අර්බුද පරදවමින් පිම්මක් පනින ජම්මු කාශ්මීරය

අර්බුද පරදවමින් පිම්මක් පනින ජම්මු කාශ්මීරය

ජම්මු සහ කාශ්මිරය ස්ථාවර කිරීමේ අරමුණෙන් ආයෝජන සහ යටිතල පහසුකම් සංවර්ධනය හා ප්‍රවර්ධනය කිරීම දිරි ගැන්වීමට ඉන්දීය රජය කරයුතු කරමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඉන්දීය රජය 2019 වසරේ අගෝස්තු 05 වැනිදා ඉන්දීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 370 වැනි ව්‍යවස්ථාව (වගන්තිය) අවලංගු කිරීමේ තීරණය ගනිමින් ප්‍රතිසංවිධාන පනතක්ද සම්මත කරන ලද අතර ජම්මු, කාශ්මීර් සහ ලඩාක් ලෙස ප්‍රදේශ දෙකක් වශයෙන් ප්‍රතිසංවිධානය කරන ලදී.වසර 2019 ඔක්තෝබර් 31 වැනි දා සිට මෙය බලාත්මක වුණා.

ඉන්දීය රජය මෙම පියවර ගනු ලැබුවේ මෙම කලාපය ඉන්දීය රාජ්‍ය සමඟ සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ කරමින් ජම්මු සහ කාශ්මිරය ස්ථාවර කිරීමේ අරමුණෙන් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

දශක ගණනාවක් පුරා පසුගාමී වූ මෙම කලාපයේ ආයෝජන සහ යටිතල පහසුකම් සංවර්ධනය හා ප්‍රවර්ධනය කිරීම දිරි ගැන්වීමට ද මෙමගින් අපේක්ෂා කර තිබෙනවා.

ඉන්දීය රුපියල් මිලියන 31,000 ක් වටිනා වාර්තාගත ආයෝජන යෝජනා සමග වසර තුනකටත් අඩු කාලයක් තුළ ජම්මු කාශ්මීර ප්‍රදේශ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන්නේ එදා ඉන්දීය රජය ගත් තීරණය පාදක කර ගෙන බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ.

රුපියල් කෝටි 28, 400ක වටිනාකමින් යුත් නව යෝජනා ක්‍රමය ඉන්දීය මධ්‍යම රජය විසින් ඉදිරිපත්කර ඇති අතර එමඟින් ජම්මු සහ කාශ්මීරයේ ලක්ෂ 4.5කට පමණ රැකියා අවස්ථා උදා කිරීම අරමුණ වී තිබෙනවා.

එවැනි ආයෝජන ගිවිසුම් 06ක් පමණ වන බවට වාර්තා වන අතර දේපළ වෙළඳාම්, සංචාරක, සෞඛ්‍ය සේවා සහ යටිතල පහසුකම් ආදී ක්ෂේත්‍රයන්හි ව්‍යාපෘති රැසක් සඳහා ඩුබායි හි පැවැති එක්ස්පෝ 2020 හිදී ගෝලීය ආයෝජකයින් සමඟ ගිවිසුම් ගත වුණා.

ඒ අනුව මෙම සියලු ක්ෂේත්‍රයන්හි රැකියා අවස්ථා හිමි වන්නේ ජම්මු සහ කාශ්මීර වැසියන්ටය.

මේ අතර ඉන්දීය රුපියල් මිලියන 58,477 ක වියදමින්, විදුලිය, අධ්‍යාපනය, සෞඛ්‍යය, මාර්ග, කෘෂි කර්මය, සංචාරක ආදි අංශයන්හි ව්‍යාපෘති 53 ක් පමණ මේ වන විට අවසන් අදියරේ පවතිනවා.

ප්‍රධාන මන්ත්‍රී ග්‍රාම් සදක් යෝජනා යටතේ කලාපයේ වඩාත් වැදගත් ස්ථාන දෙකක් යා කරමින් කිලෝ මීටර් 17, 601ක මාර්ගයක් ඉදිකර අවසන්ය. එම ස්ථාන දෙක අතර ස්ථාන 2,074ක් පමණ මෙම මාර්ගයට සම්බන්ධ වනවා.එසේම දුම්රිය මඟින් කාශ්මීරය හා සම්බන්ධ වීම සඳහා උදම්පූර් – කත්‍රා, බනිහාල් – ක්වාසිගුන්ඩ්, සහ ක්වාසිගුන්ඩ් – බැරමුල්ලා ලෙස කොටස් වශයෙන් ව්‍යාපෘතියක්ද ආරම්භ කර තිබෙනවා.

ජම්මු කාශ්මීරයේ පිහිටි කැපෙක්ස් දිස්ත්‍රික්කය තුළ 2018- 2019 වසර දෙක තුළ ව්‍යාපෘති 3, 293ක් පමණ නිම කර ඇති බව ප්‍රගති සමාලෝචන වාර්තා පෙන්වා දෙන බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

ඊළඟ වසරේ දී ව්‍යාපෘති 1, 165ක්ද 2020- 2021 කාලය තුළ ව්‍යාපෘති 1, 676ක්ද නිම කර ඇති බව එම වාර්තාවන් වැඩි දුරටත් පෙන්වා දෙනවා. 2021- 2022 කාළය තුළ ව්‍යාපෘති 18, 651ක් සැළකිය යුතු අයුරින් සම්පූර්ණ හෝ නිම කෙරෙනු ඇති බව සංඛ්‍යාලේඛනවලට අනුව නිළධාරීහු සඳහන් කර තිබෙනවා.

ඒ අනුව මූල්‍ය වර්ෂය අවසන් වන විට අවසන් කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 36, 572කි.

ජම්මු කාශ්මීරය උතුරු ඉන්දීය කලාපය තුළ ඒකාබද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීමේ යෝජනාවක්ද මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතියට අයි. අයි. එම්. එස් සහ අයි. අයි. ටී වැනි කීර්තිමත් අධ්‍යාපන ආයතන, සමඟ උසස් විද්‍යාල 22ක් සහ නව සංස්කෘතික විශ්ව විද්‍යාල 02ක් මෙහි ස්ථාපිත කිරීමේ සාකච්ඡා සාර්ථකව සිදු වෙමින් පවතිනවා.

මෙම අධ්‍යාපන ආයතන වෙත සිසුන් ආකර්ශනය කර ගැනීම සඳහා මූල්‍යාධාර අවශ්‍ය සිසුන් සහ සුළු ජාතීන් සඳහා රජයෙන් ශිෂ්‍යත්ව ලබා දීමටද රජය අදහස් කරනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රය පුළුල් කරමින් ඇඳින් 250 කින් යුත් ඇපලෝ වැනි ප්‍රධාන පෞද්ගලික රෝහල් පිහිටුවීමට සැලසුම් සකස් කරමින් පවතින අතර 370 ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ මෙම කලාපය තුළ එක් පවුලක් සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 05ක් දක්වා වන සෞඛ්‍ය රක්ෂණාවරණයක් හිමි වනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

උදම්පූර් සංවර්ධනය යටතේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සියලු ඉන්දියානු ආයතන සහ පිළිකා ආයතන සමඟ ජම්මු හා කාශ්මීරයට ඉන්දිාවේ ප්‍රධන පෙළේ වෛද්‍ය ආයතන පැමිණීම සැබැවින්ම එම ඉතිහාසය වෙනස් කරනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙන්නේ,

370 තුළින් ජම්මු කාශ්මිර කලාපය දැකිය හැකි වන්නේ යටිතල පහසුකම්, කෘෂි කර්මානතය හේ සංචාරක වැනි ක්ෂේත්‍රයන්හි දැවැන්ත සංවර්ධනය පමණක් නොවේ. ක්‍රීඩා අංශයේද කැපී පෙනෙන වර්ධනයක් මේ වන විට සිදු වෙමින් පවතිනවා ” ඛෙලෝ ඉන්දියා ක්‍රීඩා විශ්ව විද්‍යාලය – KIUG ආරම්භ කිරීමත් සමඟ ක්‍රීඩා ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් නඟා සිටුවමින් තරඟාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කර ගැනීමට හැකි වූ අතර එහි ප්‍රතිලාභ මේ වන විටත් නෙළමින් සිටින බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මේ අනුව 370 ව්‍යවස්ථාව අවලංගු කිරීම, කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම, ධීවර කර්මාන්තය සංවර්ධනය, පශු සම්පත්, කිරි ආශ්‍රිත නිශ්පාදන, වාරිමාර්ග, ප්‍රායෝගික ප්‍රවේශයක් සහිතව කාර්මික ක්ෂේත්‍රය නඟා සිටුවීම , රැකියා උත්පාදනය, විදුලිය, මාර්ග, විදුලි සංදේශ, කාන්තාවන් සහ ළමුන් සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස හා නාගරීකරණය, උද්‍යාන විද්‍යාව, අත්යන්ත්‍ර, රෙදි වැනි විභව අංශ ඉහළ නැංවීම, හස්ත කර්මාන්ත, සංචාරක, තොරතුරු තාක්ෂණය (IT), ජෛව තාක්ෂණය, සහ මායිම් ප්‍රදේශය සංවර්ධනය ආදී මේසා වූ විශාල වපසරියක සංවර්ධන අපේක්ෂාවන් අත්පත් කර ගැනීමට හේතු වූ බවයි පැවසෙන්නේ.

මේ සියල්ල සඳහා ඉන්දිය රජයේ අයවැය මඟින් කිසිදු කප්පාදුවකින් තොරව ප්‍රතිපාදන වෙන් කරන්නේ මෙම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති හරහා ජම්මු සහ කාශ්මීර ජනතාවට ඔවුන්ගේ කීර්තිය නැවත ලබා දීමේ අරමුණෙන් බව මාධ්‍ය සඳහන් කරනවා.

කලාපීය ජනතාව තර්කානුකූලව සිතීමට පටන් ගන්නේ නම් මෙම සංවර්ධනයේ හා ආයෝජනයේ උත්සාහයන් හි අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත හැකි වනු ඇති බවත් ඒ සඳහා සහය ලබා දීම කුමන ආගමට සහාය දෙන්නේදැයි සිතීමට වඩා ප්‍රතිඵලදායක වනු ඇති බවත් එසේ වන්නේ නම් ජම්මු කාශ්මීරයේ සංවර්ධනය වළකන ආගමික මූලධර්මවලින්ද නිදහස් වනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.

Share This